30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි.. ජනාධිපති ෆේල්..- ඩිලාන්

රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා ලෙස අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පසුගිය සුමාන පහ තුළදීද රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා කියා රට තුළ ප්‍රගතියක් නොපෙන්වන බවත් කබලෙන් ලිපට වැටුනා වගේ පෙනී යන බවත් හෙතෙම කියා සිටී.

එනිසා වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තුව හරහා වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසයි.

එම වැඩබලන ජනාධිපති හරහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවත් ඔහු කියා සිටියේ ජනහමුවක් අමතමිනි.

Related posts

සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්‍ය සභාව අද රැස්වෙයි

Shiran Viraj

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී..

Shiran Viraj

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් 19 තත්වයත් බරපතළයි

Shiran Viraj
Translate »