27.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…

කෝප් කමිටුව හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සදහන් කරන්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීම සදහා අධිකාරීමය බලය භාවිත කලේ යයි සභාපතිවරයා කල ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බව එහි තව දුරටත් දැක්වෙයි.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුවේදී මෙසේ සඳහන් කළේය.

‘ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවයි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.නෑ නෑ ඔයා මේක. මම ඒ හින්දා ලියුමක් ලියලා දැන්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කර ගන්න. මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා’

Related posts

මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයි

Shiran Viraj

ආන්දෝලනයක් ඇති කළ සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

Shiran Viraj

රුසියාව කිපේ.. ශ‍්‍රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්‍යයෙන් ලංකාවට චෝදනා…

Shiran Viraj
Translate »