mediahumanrights.lk
Local News News

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික වෙළඳුන් මගින් සිදුකිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.

එහිදී සියලුම ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මෙලෙස රජය පොහොර ආනයනයෙන් රජය පොහොර ආනයනය කිරීමේ දී විවිධ මැති ඇමතිවරුන්, නිලධාරීන් මඩි තර කර ගන්නා බවට චෝදනා එල්ලවීම මත බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයි

Shiran Viraj

කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..

Shiran Viraj

හපුතලේ සුළු චලනයක්

Shiran Viraj