mediahumanrights.lk
Local News News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ වාර්තාවෙලා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ ඊයේ (16) දිනයේ රුපියල් කෝටි 2යි දශම එකයි 5ක ආදායමක් උපයා ඇති බවය.
ඊයේ (16)දිනය තුළ පමණක් රථ වාහන 72,000ක් එම මාර්ගය භාවිත කර තිබේ.
අප්‍රේල් මස හත්වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ දක්ෂිණ අදිවේගී මාර්ගයෙන් රුපියල් කෝටි 23ක පමණ ආදායමක් උපයා ඇති බව ඇති බව එස්.ඕපනායක මහතා කියා සිටියේය.
එම කාලය තුළ රථ වාහන හත් ලක්ෂ 50,000ක සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කර ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉපයූ ආදායම සියයට 25කින් වැඩි වී ඇති බව ද වාර්තා වේ.
නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව එම මාර්ගය භාවිත කළ රථ වාහන සංඛ්‍යාවද සියයට 20කින් පමණ වැඩි වී ඇති බවය.
(under the courtesy of adaderana news web)

Related posts

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

මොලය මැරුනු නමුදු හදවත ගැහුනු තම පුතුගේ හදවතින් තවත් ජීවිතයක් ජීවත් කළ උතුම් මිනිසෙකුගේ කතාව

Shiran Viraj

ආණ්ඩුවේ අගමැති පොරයක්…? බැසිල් ඉදිරියෙන්..?

Shiran Viraj