28.9 C
Colombo
2026-02-12
mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලි බිල ඉහලට.. තුන් හතර ගුණයකින් වැඩි වෙයි..- ඇමති

ඉදිරියේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

එහිදී අඩු ආදායම්ලාභීන් අඩුවෙන් විදුලිය භාවිතා කරන්න හා රජයේ රෝහල වැනි ස්ථාන ඇතුලත් නොවන පරිදි ගාස්තු සංශෝධනය සිදු වනු ඇතැයිද ඔහු පැවසීය.

ඇතැම් කර්මාන්ත ශාලාවල හෝටලවල ඉක්මනින්ම විදුලි ගාස්තු වැඩි කල යුතු බවත් විදුලි බිල තුන්හතර ගුණයකින් ඉහල යාමට ඉඩ ඇති බවද හෙතෙම සඳහන් කළේය.

විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 750 ක් වියදම් වුවත් වසරකට ආදායම ලෙස ලැබෙන්නේ රුපියල් බිලියන 250ක් බවත් ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Related posts

නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

Shiran Viraj

රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරු

Shiran Viraj

2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයි

Shiran Viraj
Translate »