2026-01-15
mediahumanrights.lk
BusinessBusiness NewsNews

යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..

පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ.

පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් මෙම මිල නියම කිරීම සිදුකර ඇති බවයි.

පොහොර ලැබෙන්නේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ඔවුන් කියා සිටී.

එමෙන්ම පොහොර සමාගම් විසින් පොහොර ලබාදීම සිදුකරන්නේ අත්පිට මුදලට පමණක් බවද අලෙවිකරුවන් කියති.

ඒ අනුව දැනට පවතින මිල යටතේ යූරියා කිලෝ එකක මිල රුපියල් අටසීයක් පමණ වෙයි.

Related posts

නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවට

Shiran Viraj

පොල් සංවර්ධන අධිකාරි ප‍්‍රමිති සහතිකය ඇත්තේ පොල් තෙල් නිෂ්පාදන ආයතන 07ක් පමණයි…

Shiran Viraj

බේරුවල ගම් දෙකක් හුදකලා වෙයි

Shiran Viraj
Translate »