mediahumanrights.lk
Local News News

අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනට

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගෙන පසුව නිදහස් කෙරුණු අරීස් 13 නෞකාවේ කාර්යමණ්ඩලය දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (12) පස්වරුවේ දෝහා සිට පැමිණි යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.
පසුගිය මාර්තු මස 13 වන දින සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු සහිත අදාළ නෞකාව පැහැරගනු ලැබුවේය.
ශ්‍රී ලංකා රජය මැදිහත්ව කොල්ලකරුවන් ග්‍රහණයේ පැවති නෞකාව සහ එහි කාර්යමණ්ඩලය පුට්ලන්ඩ් ආරක්ෂක අංශ විසින් බේරා ගැනිණි.
ඒ අනුව අදාළ නෞකාවේ සියලු කාර්යමණ්ඩලය ඊයේ දිනයේ දිවයිනට පැමිණියේ ය.
දිවයිනට පැමිණි අරිස් 13 නෞකාවේ ප්‍රධාන ඉංජිනේරු ජයන්ත කළුබෝවිල මහතා මාධ්‍ය හමුවේ තම අත්දැකීම් කියා සිටියේ ය.
(under the courtesy of adaderana news web)

Related posts

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනය

Shiran Viraj

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj

වැඩබලන නව පොලිස්පති පත්වෙයි

Shiran Viraj