mediahumanrights.lk
International NewsLocal NewsNews

බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවම

තම බිරිඳ  ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු කැනඩාවෙන් පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන  තිබෙනවා.
කැනඩා පුවත් සේවා සඳහන් කළේ  පිටුවහල් කරනු ලැබ ඇත්තේ සිවලෝගනාදන් තනබාලසිංහම් නැමැත්තෙක් බවයි.
2012 වසරේදී අගොස්තු මාසයේදී කැනඩාවේ මොන්ටි‍්‍රයල් නුවර පිහිටි ඔවුන්ගේ නිවසේදී සිය බිරිඳ වූ අනූජා බාස්කරන් නැමැත්තිය ඝාතනයකිරීම මෙම ලාංකිකයාට එල්ලවී ඇති චෝදනාවයි.
සැකකරු පිටුවහල් කිරීමට කැනඩා ආගමන හා සරණාගත කවුන්සිලය තීන්දු කර තිබූ අතර එම පිටුවහල් කිරීමේ තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් ගොනු කිරීමත් සමඟ එම තීන්දුව තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඔහු සිය අභියාචන පෙත්සමින් පෙන්වා දී ඇත්තේ තම පවුලේ සියලූ දෙනා කැනඩාවේ ජීවත්වන බැවින් තමන් පිටුවහල් කිරීම නීතිවිරෝධී බවයි.
වසර 6කට වැඩි කාලයක් පුරා පැවති එම අභියාචන පෙත්සම් විභාගය පසුගිය 06 වැනිදා  අවසන් කරමින් එම අභියාචනය ඉවත දැමු නීති බලධාරීන් ඔහු වහාම  ක්‍රියාත්මක වන පරිදි කැනඩාවෙන් පිටුවහල් කිරීමට තීන්දු කර තිබෙනවා.
ඒ අනුව ඔහු මේ සතිය ඇතුළත කැනඩාවෙන් ලංකාවට පිටුවහල් කෙරෙනු ඇති බවයි කැනඩා පුවත් සේවාවල දැක්වෙන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

උද්ධමනය 66යි.. ආහාර උද්ධමනය 82%යි.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

Shiran Viraj

කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj
Translate »