mediahumanrights.lk
Local NewsNews

කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල ධාරිතාව අඩි 155 වන අතර (21) දින අලුයම 6 වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 18 කින් පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩි 157 වන අතර (21) දින අලුයම වන විට එම ජලාශයේ ජල ධාරිතාව අඩි 34 කින් පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අඩු විමත් සමග එම ජලාශය ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ දිනවල යලි මතු වෙමින් පවති.

මවුස්සාකැලේ ජලාශයෙන් ජලය ලබාගෙන මෙගාවොර්ට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව දැනට මාසයක පමණ කාලයක් නතර කර ඇති අතර ,එම විදුලි බලාගාරය හැර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ජලය ලබා ගැනිමට කැනියොන් ජලාශයේ සොරොව්ව මාසයක පමණ කාලයක් දිවා රාත්‍රි දෙකේම විවෘත කර ඇති අතර , එම නඩත්තු කටයුත්ත අවසන් විමට තවත් මාස කිහිපයක් ගත වන බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

විදුලි බිල වැඩි කිරීමේ උත්සාහය ජනවරම පාවාදීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි

Shiran Viraj

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

Shiran Viraj

"අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑලු" – ජනපති කී දේ ඇමති ඩිලාන් හෙළිකරයි

Shiran Viraj
Translate »