mediahumanrights.lk
Local News News

ගෑස් වල සංයුතිය වෙනස් කරලා.. තැන තැන පුපුරන්නේ එනිසා.. සැම නිවසකම බෝම්බයක් තබාගෙන සිටිනවා සමානයි…

මෙයාට භාවිතා කරන ගෘහස්ත ගෑස් වල රසායනික අනුපාතය වෙනස් කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැන් නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක් බවද පැවසූ ඔහු මේ වන විට තැන තැන ගෑස් සිලින්ඩර වැඩි වශයෙන් පුපුරායන්නේ මෙම රසායනික වෙනස නිසා බවද පැවසීය.

මෙරට ගෑස් වෙලදාමේ යෙදෙන ප්‍රධාන සමාගම් දෙකම එක් වී මෙම රසායනික වෙනස සිදු කළ බවද පැවසූ ඔහු එකල තමා විෂයභාර අමාත්‍ය දෙනාටම මේ බව පැවසුවද ඔවුන් එය ගණන් නොගත් බවත් චෝදනා කරයි.

මෙය වංචනික ක්‍රියාවක් බවත් මිනීමැරුමකට අනුබල දීමත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාව සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලා

Shiran Viraj

ගයන්තගේ නමින් කෙසෙල් ගෙඩි බෙදූ තරුණයා CIDයට එයි

Shiran Viraj

භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ 1ක් අල්ලයි

Shiran Viraj