mediahumanrights.lk
Local NewsNews

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලිසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ත‍්‍රීරෝද රථයකට පොලිසිය ඊයේ (09) රාත්‍රියේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ, කල්එළිය – මැදගම්පිටිය මාර්ගයේ මුද්දරගම හන්දිය ප‍්‍රදේශයේදීයි.
අධික වේගයෙන් පැමිණි ත‍්‍රීරෝද රථය නැවැත්වීමට එම ප‍්‍රදේශයේ රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අණකර තිබෙනවා.
එහෙත් ඔවුන් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙලෙස වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් ත‍්‍රීරෝද රථයට හානි සිදුව ඇති අතර එහි ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී කාන්තා මුදල් පසුම්බියක් ද පොලිස් භාරයට ගැණුනා. සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

(under the courtesy of nethfm news web)

Related posts

දියේ ගිළී පාසල් සිසුවා නොඑන ගමන් යයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම රජය සතු බවත් ආපදා සහන ප්‍රමාණවත් නොවන බවත් නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj
Translate »