27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
BusinessBusiness NewsNews

දිලීර නාශක නෑ.. එළවළු පළතුරු තේ වගාව මහා විනාශයක.. ලංකාව සාගතයක් එලිපත්තේ…

‘පොහොර නැති වුනාම වගේ නෙවෙයි, දිලීර නාශක නැතිවුණාම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. දිලීර නාශක නැතිකමින් උඩරට එළවළු – පළතුරු – මල් වගාවට දැනටමත් දැවැන්ත විනාශයක් සිදුව තිබෙනවා. මහ කන්නයට පෙර ගොවියාට හිඟයකින් තොරව දිලීර නාශක ලබා වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කළ යුතුයි’ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

පොහොර හා කෘෂි රසායනික තහනම ලංකාවේ කෘෂිකර්මයට දැවැන්ත විනාශයක් අත්කර දී තිබෙනවා. ආණ්ඩුව කෘෂිකර්ම විශේඥයින්ගේ දැනුමට නිගරු කරමින් දිලීර නාශකවලටත් තහනමක් පනවලා තියෙනවා. පොහොර නැතිවුණාම අස්වැන්න අඩුවෙනවා විතරයි, නමුත් දිලීර නාශක නැති වුණාම ඕනෑම වගාවක් දින දෙක තුනකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පසුගිය වැසි සමයේ තේ වගාවේ දිලීර හානිය නිසා කුඩා තේ වතු හිමියෝ අන්ත අසරණ වෙලා තියෙනවා.

වැවිලි සමාගම්වලට තමන්ගේ වගාවට දිලීර නාශක තොග තියෙනවා. දෛනිකව කඩෙන් බෙහෙත් පැකට් එකක්, බෙහෙත් බෝතලයක් අරගන්න ගොවියෝ තමයි ආණ්ඩුවේ අඳ බාල වැඩ වලින් වැඩිම පීඩාවට පත් වෙලා තියෙන්නේ. උඩරට විතරක් නෙවෙයි රටේ පුරාම යල කන්නයට දිලීර නාශක ලැබෙන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

රජයේ විකාර ආනයන තහනම නිසා දැන් මාතලේ විතරක් නෙවෙයි රටේ හැම තැනම දිලීර නාශක හිඟයි. ගොවිතැන් කරන ගොවි පවුලක කෙනෙක් විදිහට මම දන්නවා පැලෑටි සමයේ ඉදන් අස්වැන්න නෙළන කාලය දක්වාම විවිධ අවස්ථාවන් හි ශාකවලට දිලීර බලපෑම එල්ලවෙන බව. දිලීර ආක්‍රමණයක් සිදුවූ පසුව වහා පිළියම් යෙදිය යුතුයි. දිලීර නාශක නිසි ප්‍රමිතියකින් භාවිත කිරීම මිනිසාට හානියක් නෙවෙයි.

ආණ්ඩුව ආර්ථික බංකොලොත් භාවය වහගන්න අඳබාල තර්ක ගේනවා. කිසිම විද්‍යාත්මක පදනමක් නැති තහනම් කිරීම් නිසා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. විදේශ වෙළෙඳපොල ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරන එළවළු, පළතුරු, මල් හා සලාද වර්ග වලට නිසි ප්‍රමිතියක් තියෙනවා. ලස්සනක් නැති බඩුවලට විදෙස් වෙළෙඳපොලක් නෑ. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති රටේ සාගතයක් ඇති කරනවා. රටට විදේශ විනිමය නැති කරනවා.

– රෝහිණී කවිරත්න

Related posts

කුකුළු මස් ආනයනයට රජය අවසර දෙයි..

Shiran Viraj

ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි

Shiran Viraj

හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සම්බන්ධ වූ රිය අනතුර: ඔහු ඒ පිළිබඳව තැබූ සටහන

Shiran Viraj
Translate »