mediahumanrights.lk
Local NewsNews

මිනිසුන් මහ මග මැරී වැටෙනවා.. සෞඛ්‍ය පද්ධතිය ධාරිතාව ඉක්මවා අවසන්..

අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා අවසන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

වර්තමානය වන විට මිනිසුන් මහමග මැරී වැටෙමින් ඇතැයිද එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රට වසා දමන්නැයි නැවතත් රජයෙන් ඉල්ලා නොසිටින බවත් ජනතාව තත්ත්වය තේරුම් ගෙන තමන් විසින්ම ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටී.

තම ජීවිතයට ආසාවක් ඇත්තේ නම් නිවසටම වී සිටින්නැයි දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ජනතාව මියගොස් ආර්ථිකයක් දියුණු කර පලක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Related posts

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

Shiran Viraj

6 වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව මහින්ද දේශප්‍රිය මහතාගෙන් උපහාසාත්මක විවේචනයක්

Shiran Viraj

රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..

Shiran Viraj
Translate »