31.7 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..

තලේබාන් සටන් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට ඊයේ පස්වරුවේ සමත්වී ඇත.

ඊට ටික වේලාවකට පෙර එරට ජනාධිපතිවරයා ගුවන් යානයකින් ටජිකිස්ථානයට පලාගොස් තිබේ.

එරට සිටින විදේශ රටවල රාජතාන්ත්‍රිකයන් කාබුල් අගනුවරින් ඉවත් වන ඉවත් කරගෙන ඇති අතර එරට ගුවන් යානාවල දැඩි තදබදයක්ද ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටිනා බවත් ඔවුන්ගේ විස්තර රජය සතු බවත් විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනය කර සිටී.

Related posts

ස්වර්ණවාහිනි මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි..

Shiran Viraj

මුහම්මදුල්ලා යළි කැඳවයි

Shiran Viraj

සහල් අර්බුදයට ඉන්දියාවෙන් සහල් ගෙන්වන්නැයි කියයි.. කිලෝව 135ලු..

Shiran Viraj
Translate »