mediahumanrights.lk
News Political

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි.

තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන්ට සිදුකළ පරීක්ෂණවලින් තමන් ආසාදිත නොවන බව තහවුරු වූ බවද ඇමතිවරයා පවසයි.

අමාත්‍යාංශය සිකුරාදා දින තෙක් වසා තබා එම කාලය තුළ විෂබීජ හරණයට ලක් කරන බව ද ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

Related posts

ඇමතිලා තිදෙනෙක් කොරෝනා ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් වේ..

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්

Shiran Viraj