31.1 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

චීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධය…

කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්‍රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට කිලිනොච්චියේ ධීවර සංගම් ඉල්ලා සිටිති.

කිලිනොච්චියේ පිහිටි ධීවර සංගම් 16 ක නියෝජිතයින් හා ජාතික ධීවර සහයෝගිතා පදනම විසින් කිලිනොච්චියේදී පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මේ බව මාධ්‍යට පැවසිය.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජාතික ධීවර සහයෝගිතා පදනමේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා පවසා සිටියේ,

‘මේ වන විට කව්දාරිමුනෙයි ප්‍රදේශයේ චීන ජාතිකයින් විසින් අක්කර දෙකක භූමි භාගයක මුහුදු කූඩලු ගොවිපලක් පවත්වාගෙන යනවා එහි මුහුදු කූඩලු කොටු 150 ක් පමණ තිබෙනවා නමුත් එහි තාක්ෂණය කිසිදු දේශීය ධීවරයෙකුට ලැබෙන්නැහැ එය දැඩි අසාධාරනයක් උතුරේ ධීවරයින්ට සිදුවන. විදේශීකයින් පැමිණ උතුරේ භූමි අත්පත්කරගෙන මෙලෙස මුදල් උපයනවා එය රටටත් පාඩුවක්.

ඒ නිසා මේ සියලු ධීවර සංගම් ඒකමතික තීරණයකට ආවා මේ විදේශීය ව්‍යාපෘති නවතා දැමිය යුතුයි ඒ වගේම මේ මුහුදු කූඩැල්ලු ගොවිපල තාක්ෂණය දේශීය ධීවරයින්ට ඉගැන්වීමේ යාන්ත්‍රණයක් ඉතා ඉක්මනින් රජය විසින් සකස් කල යතුයි.

‘මේ පිළිබඳව උතුරු පලාත් සියුල ධීවර සංගම් හා ජාතික ධීවර සහයෝගිතා පදනම එක්ව ජනාධිපතිතුමා දක්වා සියලු බලධාරීන්ට දැනුවත් කරනවා ඉදිරියේදී උතුරේ සියලු ධීවර නියෝජිතයින් මේ පිළිබඳව දැනුවත් කරනවා . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

වධකයන්ට සවන්දෙන්න අපි සුදානම් නැහැ – ලක්ෂ්මන් කිරිඇල්ල

Shiran Viraj

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

Shiran Viraj
Translate »