mediahumanrights.lk
International News News

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තම කනස්සල්ල පළ කරයි.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දී ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දී සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස නීතියේ ආධිපත්‍ය තහවුරු කළ යුතු බවයි.

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු හොඳම ආකාරය එය බවත් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම ගැන තමන් කනස්සල්ලට පත්වන බවත් එහි දැක්වේ.

යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැර තිබින.

Related posts

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයට

Shiran Viraj

ප‍්‍රහාරයක් ගැන තොරතුරක්… කොච්චිකඩේ පල්ලියේ ආරක්‍ෂාව තර කරයි..

Shiran Viraj

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

Shiran Viraj