mediahumanrights.lk
Local News News

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ.

මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත.

ඔහුගේ ආශ්‍රිතයන් ලෙස ගුරුවරුන් හා සිසුන් 70ක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ.

ආශ්‍රිතයන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

ඔහු විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි අයෙකි.

lankacnews

Related posts

මුදල් ඇති අයගෙන් රජයේ රෝහල් මුදල් අය කල යුතුයි.. නැති අයට නොමිලේ දිය යුතුයි..

Shiran Viraj

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Shiran Viraj

රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අද

Shiran Viraj