mediahumanrights.lk
Local NewsNews

කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..

කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේය.

ජනතාවගේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දැනටමත් සිවිල් ඇඳුමින් යුතු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවද ඔහු පැවසීය.

ජනතාවගේ හැසිරීම නිසා නැවතත් කොරෝනා ආසාදිත පොකුරු හා අනු පොකුරු ඇතිවීමේ අවදානමක් මතු වී ඇතැයිද ඔහු පවසයි.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි කොළඹ නාගරිකයන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

Related posts

මහනුවර රෝහලේ කොටසක් වසා දමයි… කාර්ය මණ්ඩලයේ 19කට කොරෝනා..

Shiran Viraj

සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

Shiran Viraj

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

Shiran Viraj
Translate »