mediahumanrights.lk
News Political

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිදුවීම කුමන්ත‍්‍රණයක් යයි පවසමින් ඇමති විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් ප්‍රකාශ නිකුත් කර තිබීම හේතුවෙන් එහි සත්‍යතාවය සොයාගැනීමට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සිදුවීමෙන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දෙදෙනාගෙන් එම ප්‍රකාශ ගැන විමර්ශනය කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඔවුන් ගෙන් ලබාගන්නා ප්‍රකාශයන් එළැඹෙන 8 වෙනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් නියෝග කර ඇත.

Related posts

තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයි

Shiran Viraj

ගෝටාභය ඇමරිකාවේදී අත්අඩංගුවට ගන්නවා.. නඩු දැම්මේ මමයි..

Shiran Viraj

ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දිය

Shiran Viraj