mediahumanrights.lk
Local NewsNewsPolitical

විදෙස් ණය බර දකින කොට දිවි නසා ගන්න සිතෙනවා’ – අගමැති

ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවද මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද රටේ ආර්ථිකය පසුගිය රජය සමයේ ලබා ගත් ණයවලට යට වී ඇති බවත් රටක් වශයෙන් ණයට යට වුවහොත් වහල්ලුන් බවට පත් වෙන හෙයින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නංවා ගෙන ණය බර ගෙවා දැමිය යුතු බව කී අගමැති වික්‍රමසිංහ මහතා, මේ වසරේ සිට 2026 දක්වා එම ණය ගෙවීමට තිබෙන හෙයින් කෙසේ හෝ ආර්ථිකය ගොඩ ගෙන ඒ ණය ගෙවන ගමන් සංවර්ධන වැඩ කටයුතු කිරීමට ද රජයට සිදු වී ඇතැයි පෙන්වා දුන්නේය.
ඒ සඳහා ලෝකය වටේ ගොස් ශ්‍රී ලංකාවේ හොඳ නම ආරක්ෂා කරගෙන විදේශ ආයොජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපතිතුමාටත් තමාටත් සිදු වී තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ජනතාව මත ණය බර නොපටවා රුහුණු ආර්ථික කලාපය ඉදි කිරීමෙන් ණය ගෙවීමට හැකි මුදල් සොයා ගැනීමට රජය සැලසුම් කර ඇතැයිද කීය.
හම්බන්තොට ණය ගෙවන්න :
මේ ණය ගෙවන ගමන් රටේ විශාල සංවර්ධනයක් ගෙන යන්නේ කෙසේද කියා සෑම සතියකම සාකච්ජා කරන බව කී අගමැති වික්‍රමසිංහ මහතා, ගෙවීමට ඇති තිබෙන ණය සහ පොලිය 2017 සිට වැඩි වුණේ හම්බන්තොට වරායේ ණය ගෙවීම ආරම්භ වු නිසා බවද කීය.
අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (30) එහි පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
(under the courtesy of srilankamirror news web)

Related posts

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Shiran Viraj

චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පික

Shiran Viraj

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj
Translate »