mediahumanrights.lk
NewsPolitical

නව පොලිස්පති හා අගමැති අතර හමුවක්

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නියැලී තිබේ.

අද (30) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා මුණගැසී නිල වශයෙන් සිය සේවය සැළ කර සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී නව පොලිස්පතිවරයාට සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ පොලීසියේ වර්තමාන කාර්යභාරය පිළිබඳ විමසා තිබේ.

එමෙන්ම කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඉටුකරන කාර්යභාරය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙන යාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම පිළිබඳවත් නව පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරේ වසර එක හමාරකට ආසන්න කාලයක් කටයුතු ආවරණය කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පති ධුරයට පත්වූ පළමු අවස්ථාව ද මෙය වන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Related posts

නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයි

Shiran Viraj

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

Shiran Viraj

පළාත් සභා කිහිපයකින් 20 විසිවීම නිසා සම්මත කරගන්න හැටි ආණ්ඩුව කියයි!

Shiran Viraj
Translate »