mediahumanrights.lk
Local NewsNews

08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..

මහර බන්ධනාගාරයේ 11.29 දින සවස් කාළයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට නියමිතය.

මීට අමතරව මෙම සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය. එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මට්ටමින්ද මූලික පරීක්ෂණයක් සිදුකිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් උපදෙස් ලබාදී ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක්ද සිදුකෙරෙමින් පවතී.

මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් විසින් ඇතිකල කලහකාරී තත්වය හේතුවෙන් මේවන විට රැදවියන් 08 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇති අතර බන්ධනාගාර පරිශ්‍රයේ බන්ධනාගාර අධිකාරී කාර්යාලය, ගබඩාව, මුළුතැන්ගෙය ඇතුලු ස්ථාන කිහිපයකටද රැදවියන් විසින් ගිණිතබා ඇත. මෙම කළහකාරී තත්වය සදහා මහර බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් සහභාගීවී ඇති අතර එහි රදවා සිටින අච්චු සිරකරුවන් පිරිසක් සමගද ඔවුන් ගැටුමක් ඇතිකරගෙන තිබේ. මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූ රැදවියන් පිරිසක් විසින් මෙම කළහකාරී හැසිරීම සිදුකර ඇති අතර මේ සදහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සම්බන්ධයක් ඇත්ද යන්න පිළීබදවත් සොයා බැලීමට නියමිතය.

මෙම තත්වය මේවන විට සම්පූර්ණයෙන්ම පාලනයකොට ඇති අතර බන්ධනාගාරයට සිදුවී ඇති දේපළ හානිය පිළිබදවද තක්සේරුවක් කිරීමට නියමිතය.

– තුසිත ජයවර්ධන

lankacnews

Related posts

පේශල පූර්ණිකා එක්ක සම්බන්ධයක් තියනවා කියන කතාවට උත්තර බදියි

Shiran Viraj

Thong jeans are just the latest weird fashion trend

Shiran Viraj

තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..

Shiran Viraj
Translate »