26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

භෝග වර්ග හයකට සියයට පනහක බීජ සහන ලබා දීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව බඩඉරි`ගු, අල, මිරිස්, රතු ලූනු, රට ලූනු සහ උ`දු ස`දහා මෙසේ ගොවීන්ට සහනයක් ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

රජය සතු ඉඩම් අක්කර ලක්ෂ 02 ක් ප‍්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්, එම ඉඩම් භෝග 16 ප‍්‍රවර්ධන වැඩසටහනට යොදාගැනීමට හැකිද යන්න සොයා බලන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

වන සතුන්ගෙන් අස්වැන්නට සිදුවන හානිය නිසා ගොවි ජනතාවට විශාල ගැටලූ ඇතිවී ඇති අතර ‘විදුලි පඹයා’ වැනි නවීන තාක්ෂණය ගොවිබිමට ගලායන ලෙස ප‍්‍රායෝගික වැඩසටහන් අවශ්‍ය බවද පෙන්වා දී ඇත.

සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම යාන්ත‍්‍රික අංශයක් ස්ථාපිත කොට ගොවි කටයුතු පහසු කිරීමට පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා, බැකෝ යන්ත‍්‍ර, ට‍්‍රැක්ටර් සහ ගොයම් කැපීමේ යන්ත‍්‍ර ආදී කෘෂි උපකරණ එම යාන්ත‍්‍රික අංශයට ලබාදී උපකරණ භාවිතය පිළිබඳ ප‍්‍රායෝගික පුහුණුවක්ද ගොවීන්ට ලබාදෙන ලෙස කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

lankaleadnews

Related posts

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් එළියට එක ළකුණු..! විකාශන අයිතිය සම්බන්ධ ගනුදෙනු වලට වැඩි අවධානයක් !

Shiran Viraj

උත්සව සමයේ අධිවේගී මාර්ග වල රථ වාහන ගමනාගමනයට විශේෂ වැඩපිළිවෙලක්

Shiran Viraj

පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංග­මයේ සභා­පති කීර්ති පැස්කු­වල්

Shiran Viraj
Translate »