mediahumanrights.lk
Local News News

රේගුව මුදා හැරපු කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගෙන යකඩ ප්ලේට් පුරවලා

රේගුව මුදා හැරි කන්ටේනරයක තිබූ කුකුල් තෙල් ලීටර් 210ක් සොරා ගනියි
ග‍්‍රෑන්ඞ් පාස් මහවත්ත ප‍්‍රදේශයේ කන්ටේනර් අංගනයේ තිබූ කන්ටේනරයක බහාලූ බැරල් 27ක අඩංගු කුකුල් තෙල් ලීටර් 210ක් සොරාගත් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනූවයි.
මෙම කන්ටේනරය රේගුව මගින් පරීක්ෂා කර මුද්‍රා තබා වරායෙන් පිටත් කළ එකක්.
එහි මුද්‍රා ඉවත් කර කුකුල් තෙල් සොරකම් කර එම බරට සරිලන පරිදි යකඩ ප්ලේට් දමා නැවත මුද්‍රාකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්

Shiran Viraj

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Shiran Viraj

මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

Shiran Viraj