mediahumanrights.lk
NewsPolitical

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට දෙවන රැල්ල ද සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් යයිද ඔහු කියා සිටියේය.

ලොව අනෙක් සියලූ රටවලට වඩා පළමු රැල්ල පාලනයේදී ශ්‍රී ලංකාවට පහලින් සිටි බවද පවසන ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී දැක්ම හරහා තත්ත්වය ළඟා කරගත් බව ද කියා සිටියේය.

මුළු ලොවම කොරෝනා පාළනයයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස මුදුනේම සිටි බවද ඔහු සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල ඊට වඩා බරපතළ ලෙස ව්‍යාප්ත වුවද අද වෙද්දි එයද සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන තිබෙන බව කිවහැකි යයිද මන්ත්‍රීවරයා පැවසීය.

හගුරන්කෙතදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

lankacnews

Related posts

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

Shiran Viraj

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

Shiran Viraj

සජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..

Shiran Viraj
Translate »