27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයි

සිදු නොවිය යුත්තක් සිදුවෙලා..
එකම පවුලේ අයියා සහ නැගණිය විවාහවී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වනවා.
මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක් වන පිරිමි දරුවෙක් බවයි වාර්තා වන්නේ.
මෙම දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
මොවුන් කුඩා කාලයේ ඔවුන්ගේ පියා මව සහ දරුවන් අත්හැර දමා ගොස් තිබෙනවා.
එහිදී පවුලේ වැඩිමලා වූ මියගිය දරුවාගේ පියා ඔවුන්ගේ පියාගේ නැගණියගේ නිවසේ හැදීවැඩී ඇති අතර මියගිය දරුවාගේ මව වූ ඔහුගේ නැගණිය තම මව සමඟ සිට තිබෙනවා.
කලකට පසුව මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයට රැකියාව සඳහා පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනාම නවාතැන්ගෙන ඇත්තේ එකම නිවෙසකයි.
කෙසේ වෙතත් එහිදී ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මොවුන් දෙදෙනා නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී ඇති අතර අනතුරුව ඔවුන් විසින් දරුවෙකු බිහිකරනවා.
අනතුරුව කුඩා දරුවාට මාස 8ක් පමණ වනවිට දරුවාගේ පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබෙනවා.
පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි පසුගියදා මියගොස් ඇත්තේ.
මෙම දෙහැවිරිදි දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්‍රිය අකර්මන්‍යතාවයන්  හා වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුව ඇති බවයි මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.
දෙහැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එස් පී හෙට්ටිගමගේ මහතා පැවසුවේ මෙවැන්නක්.
කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එස් පී හෙට්ටිගමගේ මහතා
අයියා සහ නැගණිය ලෙස එක මවු කුස තුල ඉපිද අඹු සැමියන් ලෙස අසම්මත විවාහයක් සිදුකර ගැනීමට පොළඹවා ඇත්තේ සමාජයේ අසාධාරණ බලපෑම බව පැහැදිලි වනවා.
සිදු නොවිය යුත්තක් සිදුවෙලා. මේ අසම්මත අඹු සැමි යුවළ සම්පුර්ණයෙන් නිර්දෝෂී නොවුනත් ඒ දෙපලගේ බිලිඳු දරුවාගේ මරණයට ඔවුන්ට ඒ අසාධාරණ බලපෑම් කළ සමාජයද යම් තරමකට වගකිවයුතු වනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Shiran Viraj

ප්‍රංශ ජනපති කහ කබාකරුවන්ගේ ඉල්ලීම් පිළිගනියි

Shiran Viraj

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

Shiran Viraj
Translate »