30.6 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළි වෙයි – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලා

මෙරට සුඛෝපභෝගී සංචාරක හෝටල්වල සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් නොමිලේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට පවසා ක‍්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා.
වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පල කර මෙම පිරමීඩ ජාවාරම පවත්වාගෙන යන බවයි.
ඒ සදහා ජාවාරම්කරුවන් ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික සමාගමක නම භාවිත කර තිබෙනවා.
අදාළ සමාගමේ මෙරට නියෝජිතයින් ලෙසයි ජාවාරම්කරුවන් පෙනී සිට ඇත්තේ.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් තුන්සියයකට අධික පිරිසක් මෙම පිරමීඩ ජාවාරමට හසුවී ඇතැයි ද වාර්තා වුණා.
රුපියල් දහසය දහස් අටසියක මුදලක් බැංකු ගිණුමකට බැර කිරීමෙන්  ඕනෑම පුද්ගලයෙකුට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.
එලෙස සම්බන්ධවන පුද්ගලයෙකු තවත් පුද්ගලයින් පහලොස් දෙනෙකු ඊට සම්බන්ධ කළ යුතුයි.
ඔවුන් ද රුපියල් දහසය දහස් අටසියක මුදලක් අදාළ බැංකු ගිණුමට බැර කළ යුතු වනවා.
එලෙස මුදල් බැර කරන පුද්ගලයින්ට සුඛෝපභෝගි හෝටලයක  සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවයි ජාවාරම්කරුවන් පළමුව ප‍්‍රකාශ කර ඇත්තේ.
නමුත් මුදල් තැන්පත් කරන පුද්ගලයින් වෙනුවෙන් සුඛෝපභෝගී හෝටලයක කාමරයක් වෙන් කිරීම පමණක් ජාවාරම්කරුවන් විසින් සිදු කර තිබෙනවා.
අදළා කාමරයේ නවාතැන් ගන්නා පුද්ගලයින් ඉන් පිටව යාමේ දී ඊට අදාළ ගාස්තු ගෙවීමට සිදුවීමෙන් මෙම ජාවාරම පිළිබද තොරතුරු හෙළි වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ජාවාරමට හසුවූ පුද්ගලයින් පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පොලිසියට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට – අශාන් වීරසිංහ

Shiran Viraj

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Shiran Viraj

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Shiran Viraj
Translate »