29.5 C
Colombo
2026-09-22
mediahumanrights.lk
Local NewsNews

අඹු-සැමි යුවළ මැරුවාට යුවළක් පොරකයට

පාණදුර උතුරු ‍පෙ‍දෙ‍සේ කදුරුදූවේ නිවසක පදිංචිවී සිටි අඹු-සැමි යුවළක් අමානුශික ලෙස පහරදී ඔවුන්ගේ කුලි නිව‍සේදීම මරා දැමීම සම්බන්ධ අධි‍චෝදනාවට වර‍දකරුවන් වූ අඹු-සැමි යුවළකට පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය විසින් ඊයේ (22)දින ‍පස්වරු‍වේ මරණ දණ්ඩනය නියම කළාය.
මෙ‍සේ මරණ දණ්ඩනය නියමවු‍යේ කදුරුදූවේ පදිංචි ඉලුක්පැල්ලගමගේ කරුණානායක සහ ඔහුගේ බිරියවූ පත්තිනි ගමගේ සුනිතා යන දෙදෙනාය ඔවුනට දරුදෙ‍දෙ‍නෙක් ද සිටිති.
ඔවුන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි‍යේ වර්ෂ 2006-05-07 දින සාවුලු හමීඩ් සහ ඔහුගේ බිරියවූ අබ්දුල් අසීස් උම්මුල් යන යුවළට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙනි මෙම ඝාතනයට මුල්වී ඇත්තේ නිවසේ කුලිය ‍ ‍නො‍ගෙවීම සහ ජල බිල්පත ‍නො‍ගෙවීම සම්බන්ධයෙන් විත්තිකාර යුවළ සහ මරණ කාර යුවල අතර ඇතිවූ අරගලයක් බව පැමිනිල්ලෙන් කියවින. මරණකාර අඹු-සැමි යුවල විත්තිකාර යුවල‍‍ගේ කුලි නිවසක පදිංචි වී සිටියදී ‍මෙම සිද්ධිය වී ඇත.
නඩු විභාග‍ය අවසාන‍යේ දී විනිසුරුවරිය විත්තිකාර යුවලට විවෘත අධිකරණ‍යේ දී දන්වා සිටි‍යේ අධි‍චෝදනා පත්‍රයේ සඳහන් අධි‍චෝදනාවට විත්තිකාර යුවල වරදකරුවන් බව සාක්කි අනුවය ඔප්පුවී ඇති බවය. එම නිසා මරණ දන්ඩනය ‍නොපැමින වීමට ‍‍හේතු ඇත්නම් අධිකරණයට දන්වන ‍ලෙසට විත්තිකාර යුවලට විනිසුරුවරිය දන්වා සිටියාය.
ඔවුන් කියා සිටි‍යේ ඔවුන් නිවැරදිකරුවන් බවය. පාණදුර ‍කෙසෙල්වත්ත ‍පොලිසිය ඔවුනව ‍බොරු නඩුවකට පටලවා ඇති බවත් ඔවුනට දරුවන් ‍දෙ‍දෙ‍නකු සිටින බවත් සඳහන් කළහ. ඔවුන් ගේ ‍වෙළඳ ව්‍යාපාරය පොලිසිය විසින් එදින විනාශ කර රුපියල් ලක්ෂ 15 ක පමණ වටිනා ‍දේපළ විනාශ කළ බව පළමු විත්තිකරු කියා සිටි‍යේය.
අනතුරුව ‍මෙම යුවළට විනිසුරුවරිය මරණ දණ්ඩනය නියම කළාය. රජ‍යේ නීතිඥ ප්‍රියානී අ‍බේවර්ධන මහත්මිය පැමිණිල්ල ‍වෙනු‍වෙන් ‍පෙනී සිටියාය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

තැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්

Shiran Viraj

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Shiran Viraj

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

Shiran Viraj
Translate »