30 C
Colombo
2026-09-21
mediahumanrights.lk
Local NewsNewsPolitical

පාර්ලිමේන්තුව තියෙන්නෙ අපේ පැවැත්මට නෙවෙයි, ජනතාවගේ පැවැත්මට – ලක්ෂ්මන් යාපා

බොහෝ මහජන නියෝජිතයන් තමන්ගේ ජනප්‍රියතාවය වෙනුවෙන් පාර්ලිමේන්තුව භාවිතා කරන බවත් එහෙත් ඔවුන් තේරුම් ගතයුත්තේ පාර්ලිමේන්තුව තිබෙන්නේ අපේ පැවැත්මට නොව ජනතාවගේ පැවැත්මට බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරතුර පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තුව තුළ එක් එක් පුද්ගලයන්ට අවශ්‍ය පරිදි කණ්ඩායම් ගොඩනගාගෙන නායකයන් විය නොහැකි බවත් ප්‍රායෝගික වශයෙන් එවැනි පියවරක් ගත නොහැකි බව දැන දැනත් එවැනි ඉල්ලීම් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේ කාලය අපතේ හරින බවත් ඇමතිවරයා පවසයි.

පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ කණඩායම් තීරණය කළයුත්තේ පක්ෂ ලේකම්වරුන් විසින් බවත් එම තීරණය පිළිගැනීම හැර, කුමන පුද්ගලයෙකු ඉල්ලා සිටියද ඒ සඳහා අවස්ථාව ලබාදීමට කතානායකවරයාට බලයක් නොමැති බවත් මුදල් රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් හිටපු කතානායකරුන් වන එම්.එච්.එම්. මොහමඩ් මහතා, අනුර බණ්ඩාරනායක මහතා ලබාදුන් තීන්දු සැළකිල්ලට ගතහැකි බවයි ඔහු පවසන්නේ.

 

Related posts

එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්

Shiran Viraj

මෙවර අයවැය නිසා යලි රටේ දරුණු ආර්ථික අර්බුදයක් එන්නෑ…

Shiran Viraj

“අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..

Shiran Viraj
Translate »