24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේ

අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කාන්තාවන් සතුව තිබී අන්සතු ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්, නගර සභා හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයක්, වාහන ලියාපදිංචි සහතික පත්‍රයක්, සිම් කාඩ් නොමැති ජංගම දුරකථන දෙකක් සහ තහනම් පිහියක් සොයාගත් බව පොලිසිය පවසයි.
ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්

Shiran Viraj

මියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධක

Shiran Viraj

ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් 19ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »