28.9 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේ

අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර කාන්තාවන් සතුව තිබී අන්සතු ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්, නගර සභා හැඳුනුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයක්, වාහන ලියාපදිංචි සහතික පත්‍රයක්, සිම් කාඩ් නොමැති ජංගම දුරකථන දෙකක් සහ තහනම් පිහියක් සොයාගත් බව පොලිසිය පවසයි.
ඔවුන් රත්මලාන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 53 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

කුණු එකතු කරන යානාවක් අභ්‍යවකාශයට යවයි. – Video

Shiran Viraj

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Shiran Viraj

‘ඩී.එස්. ඩඩ්ලිලා එජාපයේ අද නෑ’ කියූ ජනපතිට ෆොන්සේකාගෙන් අකුණු ප‍්‍රහාර.. ජනපති පිස්සෙක් යයි නොකියා කියයි..

Shiran Viraj
Translate »