mediahumanrights.lk
Local News News

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය වන උපදේශන සේවා සැපයීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් 19 යි 27 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදී තිබෙනවා. කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අවශ්‍ය ප‍්‍රතිකාර හා උපදේශන සේවාවන් වෙත ප‍්‍රවේශ වීමට බාධාවක් වී ඇති බැවින් ඊට විසඳුමක් ලෙසයි මෙම ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇත්තේ.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීපතමයින් මුහුණ පාන ගැටළු සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් දුරස්ථ ප‍්‍රවේශයක් අනුගමනය කරමින් සම්පාදනය කිරීම 19 යි 27 කෙටි දුරකථන මාර්ගය ඔස්සේ සිදු කෙරෙනවා. සෑම දිනකම පැය 24 පුරා සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා ති‍්‍රත්වයෙන් මෙම දුරකථන මාර්ගික උපදේශන සේවාව කි‍්‍රයාත්මක කෙරෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර සඳහන් කළේ.

Related posts

''මහින්දගේ අවජාතක දරුවා සුජාත කරන්නයි හදන්නේ''

Shiran Viraj

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවම

Shiran Viraj