29.5 C
Colombo
2026-08-07
mediahumanrights.lk
Local NewsNews

විදේශ ගතවීමට වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ ගාල්ලේ පුද්ගලයෙකුට කොරෝනා : වෛරසය ආසාදනය වූ අයුරු ගැටළුවක්

විදේශගතවිම සදහා විසා ලබාගැනිමට පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සිදුකරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ කදී අක්මිමන, තොටගොඩ පස්මාළුව ප්‍රදේශයේ පුද්ගලයකුට නව කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

මෙම පුද්ගලයා විදේශගතවිම සදහා බලාපොරොත්තුවෙන් සිටි අයෙක් වන අතර විසා ලබාගැනිම සදහා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් වෛද්‍ය පරික්ෂණයක් සිදුකරගෙන ඇත. එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි මෙම පුද්ගලයාට කොරෝනා වෛසරය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා හම්බන්තොට රෝහල වෙත ඊයේ (28) රාත්‍රියේදීම පිටත්කර යැවිමට කටයුතු කළ බව ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර සිටියේ.

මෙම පුද්ගලයා කොළඹ නැව් තටාකාංගන, මිනුවන්ගොඩ ඇගලුම්කම්හල් පොකුරට හා පැළියගොඩ මත්ස්‍ය අලෙවිසැලේ පොකුරට අයත් නොවන අයෙකු බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

” මෙම පුද්ගලයා පදිංචි නිවසේ සාමාජිකයින් 07 දෙනෙකු පදිංචිවෙලා ඉදලා තියෙනවා. මෙම පුද්ගලයාගේ සහෝදරයක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වි එම නිවසට පැමිණ තියෙනවා. ඔහු නිවසට එවිමට පෙරසිදුකළ  පි.සි.ආර්. පරික්ෂණය නෙගටිව් විම නිසා තමයි නිවසට එවලා තියෙන්නේ. මොහුගෙන් මෙම පුද්ගලයාට අසාදනය වුනාද කියලා පරික්ෂා කළ යුතුයි. දැනට මොහුට කොරෝනා වෛරසය ආසාදනය විම ගැන මුලාශ්‍රය සොයාගෙන යනවා. තම සහෝදරයාගේ ආශ්‍රිතයෙක්ද කියා සොයාගැනිම සදහා ඔහුගේ අද දින පි. සි.ආර්. පරික්ෂයක් සිදුකරණවා. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයාගේ මවත් කැම ඉවිම සදහා යන කාන්තාවක් නිසා ඇයගේ ද පි. සි.ආර්. පරික්ෂණය අද දින සිදුකරණ” බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය  වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි ප්‍රකාශ කර සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Shiran Viraj

‘බිය නොවන්න‘ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Shiran Viraj

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

Shiran Viraj
Translate »