24.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු  පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව මූලික විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ විමර්ශන වල උදෘත නීතිමය උපදෙස් ලබා ගැනීම සදහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අද දින අධිකරණයේ පෙනී සිටි අතර ඉදිරි මහේස්ත්‍රාත් විමර්ශන  ලබන වසරේ මාර්තු මස 17 වෙනිදා යළි කැඳවීමට අධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යූ. ජයසූරිය මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

Shiran Viraj

නොමිලේ අක්ෂි කාච ලබාදීම කඩාකප්පල් කිරීමේ උත්සාහයක්

Shiran Viraj

විදුලි අර්බුදයක් වළක්වා ගැනීමට ගල්අඟුරු හදිසි පදනම මත මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Shiran Viraj
Translate »