2026-02-25
mediahumanrights.lk
Local NewsNews

පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරනු ඇති. ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. එමගින් දිනෙන් දින ඉහළ යන පොල් මිල පාලනය කිරීමට හැකිවනු ඇති බව පොල් කිතුල් තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි. පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි පොල් වෙළදුන් පවසන්නේ. පොල් මිල සම්බන්ධයෙන් ඉකුත්දා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදීද අවධානය යොමුව තිබුණා.

මේ අතර සගවා තිබෙන සහල් තොග වෙළඳපලට නිකුත් නොකරන්නේ නම් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ ප‍්‍රකාශ කළා. ඒ, සහල් මෝල් හිමියන් සමග වෙළඳ අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදීයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්න

Shiran Viraj

ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…

Shiran Viraj

අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..

Shiran Viraj
Translate »