mediahumanrights.lk
International News News

රවිනාථ අමෙරිකාවට ක්ෂණිකා ප්‍රංශයට

අමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවෙන් නව තානාපතිවරයකු පත්කර තිබේ. ඒ හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාය.

මෙයට පෙර ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට තීන්දු කර තිබුණද පසුව ආරියසිංහ මහතා අමෙරිකා එක්සත් ජනපදයට පත්කරනු ලැබ සිටී. ඒ සමඟ මෙතෙක් අමෙරිකානු තානාපතිධූරය දැරූ රොඩ්නි පෙරේරා මහතා ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.

කලක පටන් පුරප්පාඩුව පවත්නා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිධූරයට මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පත් කරනු ලැබුවාය. කොළඹ විශ්ව විදයාලයේ හිටපු උපකුලපතිනියක් වූ ඇය පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ධූරයද දැරීය. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට මිලින්ද මොරගොඩ මහතා දැනටමත් නම්කර තිබේ.

මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති තනතුරු ද පුරප්පාඩුව පවතී. ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කෙරෙනු ඇතැයි විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය.

lanka lead news

Related posts

අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..

Shiran Viraj

වි සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ.. සහල් මිල යලි ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

ලංවිම සභාපතිට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්… සභාපතිගෙන් ආන්දෝලනාත්මක හෙලිදරවුවක්…

Shiran Viraj