2026-09-25
mediahumanrights.lk
International NewsNews

හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.

එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බවයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ.

නමුත් අවසරය හිමිවන්නේ කොපමණ සංඛ්‍යාවකට ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මක්කමට සහ මදිනාවට මිලියන 02 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ මෙවර හජ් වන්දනාව අත්හිටුවනු ඇති බවට මිට පෙර මත පලවී තිබුණා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා සමාජ් දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි මෙවර හජ් උත්සවය පැවැත්වීමට සිදුව තිබෙන බව සෞදි බලධාරීන් සඳහන් කර

Related posts

රෝහල්ගතකල විරෝධතාකරුවෙක් මිය යයි… ඔහු කුඩුකාරයෙක් යයි පොලිසිය කියයි..

Shiran Viraj

ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් බංග්ලාදේශයේදී දූෂණය කළ නරුමයා අල්ලයි

Shiran Viraj

දෙමල ජනතාව වෙනුවන් බලය බෙදා දෙනවා..- GL පීරිස් ඉන්දියාවේදී…

Shiran Viraj
Translate »