26.7 C
Colombo
2026-10-01
mediahumanrights.lk
NewsPolitical

සේනාධිපතිගේ හඬපටයක් අර්ජුන එලියට දමයි..

තමන් ලේකම්වරුන්‍ මාර්ගයෙන් දාපු ඩීල් එකක හඬ පට තිබෙනවා නම් ඒවා එළියට දෙන්නැයි හිටපු අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට අභියෝග කරයි.

ඒ නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍යයට කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියකු හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් විමසූ අවස්ථාවේදීය.

සියල්ලට ප්‍රථමයෙන් නිශ්ශංක සේනාධිපති මුදල් හම්බ කළේ කෙසේදැයි මේ ආණ්ඩුව සෙවිය යුතු බව ද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

ජනාධිතිපතිතුමාට පවා කෙළින් කථා කරන්න පුළුවන් වන්නේ එවිට යැයිද අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

”ඔය මනුෂ්‍යයා ඇවිල්ලා කතාකාරයෙක්. ලොකුවට කතා කළාට කිසි දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. රටේ සල්ලි හොරකම් කරපු පුද්ගලයෙක්. ආණ්ඩුවට එන සල්ලිනේ මේ මිනිහා සාක්කුවේ දාගෙන තියෙන්නේ. ඒකට නාවික හමුදාවේ සමහර ජ්‍යෙෂ්ඨයින්ව අල්ලා ගත්තා. හිටපු හමුදාපතිවරුන් අල්ලා ගත්තා.

මම එතුමා ගැන හොඳ වාර්තාවක් දෙන්නම්. මොකද මම මේ සිදුවීම ගැන හොඳට අධ්‍යනය කරලා තියෙනවා. මිනිහා කරලා තියෙනවා දේවල් ඔක්කොම දන්නවා. කොහොමද ගත්තේ කියන එකත් දන්නවා. එයාට මෙතැන ඉන්‍න හම්බ වෙන්නේ නැහැ මම හරියට කතා කළොත්.

ඔය නිශ්ශංක කියන පුද්ගලයා ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා හොයන්නකෝ. ඊට වඩා තව යටින් තියෙන ව්‍යාපාර කියලත් ඔය ගොල්ලෝ හොයන්න. මම ඕවට කතා කරන්න යන්නේ නැහැ.

සාමාන්‍යයෙන් හමුදාවේ හිටිය පුද්ගලයෙක් ඔච්චර මුදල් හම්බ වෙන්න එක්කෝ රටේ මුදල් මිනිහා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන ව්‍යාපාරයක වෙන මුදල් ගන්නවා ඇති. ඒව ගැන හොයලා බලන්න ඕන.

දැන් මේ අලුතින් ආවේ අපේ විරුවෙක්නේ ආවේ. හරි දේ කරන්නනේ ආවේ අපේ ගෝඨාභය මහත්තයා. ඉස්සෙල්ලා ම කරන්න නිශ්ශංක සේනාධිපතිගේ තියෙන හොරකම් ටික හොයලා බලන්න, කොච්චර ගෙවන්න තියෙනවද කියලා. ඒවා ඉස්සෙල්ලා ම අර ගන්න. එ‍‍තකොට ජනාධිපතිතුමාට කෙලින් කතා කරන්න පුළුවන් කියලා හිතනවා.

නමුත් මම හිතන්නේ නෑ ජනාධිපතිතුමාටත් ඕව කරන්න පුළුවන් කියලා. ගෝඨාභය මහත්තයටත් සමහර වෙලාවට ඔය කිව්වට මේ මිනිස්සුන්ට, සම්බන්ධකම් ඇති…”යි ද අර්ජුන රණතුංග මහතා එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘කොටසකට’ නිදහස් පක්ෂය විරුද්ධයි

Shiran Viraj

බන්ධනාගාරවල කොරෝනා පැතිරීමේ අවදානමක්….

Shiran Viraj

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

Shiran Viraj
Translate »