27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්

නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අද දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12 සිට එම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හැර නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අනෙකුත් සියලූම ගමනාගමන කටයුතු අද තහනම් වන බව පොලිසිය සඳහන් කළා. නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බැවින් ඇඳීරි නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා එම දිස්ති‍්‍රක්කය තුළ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර හෙට දිනයේ ද, දිවයිනේ සියලූ දිස්ති‍්‍රක්කවලට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වනවා. ජුනි 01 වන සඳුදා සිට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන ආකාරය පිළිබඳ පෙර නිවේදනයන්හි සඳහන් නියමයන් නොවෙනස්ව පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර ජුනි මස 04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති ජුනි මස 05 වන සිකුරාදා ද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

නාවික හමුදාව ත්‍රස්තවාදීන්ගේ පවා මානව හිමිකම් රැක්ක හැටි

Shiran Viraj

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

Shiran Viraj

තවත් ආසාදිතයින් දෙදෙනෙක්ට සුවයි

Shiran Viraj