mediahumanrights.lk
Local NewsNews

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පැනවු ඇදිරි නිතිය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් බස්නාහිර පලාතේ රැදි සිටි වතුකරයේ විශාල පිරිසක් (09) දින හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශ වෙත ලංගම බස් රථ මගින් ප්‍රවාහනය කරන ලදි.

බස්නාහිර පලාතේ  විවිධ රැකියා වල නිරතව සිටි වතුකරයේ මෙම පිරිස මාස දෙකකට ආසන්න කාලයක් ඔහුන් රැකියා වල නිරතව සිටි ස්ථානවලම රැදි සිට ඇති අතර එම පිරිස රත්මලාන දුම්රිය ක්‍රිඩාපිටියේ දි විෂබිජහරණයට ලක් කර (09) දින හැටන් සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශ වෙත ලංගම බස් රථවලින් ප්‍රවහනය කරනලදි.

හැටන් පොලිස් කොට්ඨාශයට මෙසේ පැමිණි වතුකරයේ පිරිස සම්බන්ධයෙන් සියළුම තොරතුරු හැටන් මුලස්ථාන පොලිසිය විසින් ලබාගත් අතර එම පිරිස ඔහුන් පදිංචි නිවාස වලම දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරිමටද පියවර ගැණින.

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් හැටන්,නොර්වුඩ්, බගවන්තලාව , නල්ලතන්නිය , නෝටන්බ්‍රිජ් , මස්කෙලිය , ගිනිගත්හේන සහ වටවල යන පොලිස් ස්ථාන බල ප්‍රදේශවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර අධික්ෂනය කිරිමට නියමිතය.

දින 14 ක් ස්වයං නිරෝධානයේ යෙදිමෙන් අනතුරුව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ලබාදෙන නිරෝධානය අවසන් කල බවට වු වාර්තාව එම පිරිස විසින් හැටන් මුලස්ථාන පොලිසිය වෙත භාර දිය යුතුයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…

Shiran Viraj

අසීරුවට පත් සියළු රටවල් වෙනුවෙන් ලෝක ආධාර ආයතන වෙත ජනපතිගෙන් ඉල්ලීමක්…

Shiran Viraj

කලින් කයිවාරු ගහපු හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය උගන්වයි කියලා.. චීනෙට හාල් දෙයි කියලා…

Shiran Viraj
Translate »