2026-09-15
mediahumanrights.lk
Local NewsNews

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

දෙරණ අරුණ සජීව වැඩසටහන සමඟ අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින පිරිස් තවමත් දහස් ගණනක් සිටින අතර විදේශයන්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට පෙර රට තුළ තත්ත්වය යහපත් අතට පත් කර ගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඉන්පසු විදේශවල සිටින යැපෙන පිරිස එනම්, ශිෂ්‍යයින්, පශ්චාත් උපාධි සඳහා ගිය පිරිස්, ඇතුළු පිරිස් ක්‍රමක්‍රමයෙන් ගෙන්වා ගත යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Shiran Viraj

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Shiran Viraj

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ජයක්

Shiran Viraj
Translate »