29.5 C
Colombo
2026-10-01
mediahumanrights.lk
Local NewsNews

සියලුම වී මෝල් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරෙයි

අත්‍යාවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යාවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබේ.

දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් දිස්ත්‍රික්ක බල ප්‍රදේශය තුළත් සහ මහ පරිමාණ සහල් මෝල් හිමියන් දිවයින පුරාත් පවතින සහල් තොග බෙදාහැරීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයාගේ නියෝග මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, ආහාර කොමසාරිස් ජනරාල් සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති වෙත ලිපියකින් දැනුම් දී ඇත.

මේ වන විට මෙට්‍රික් ටොන් මිලියන 03කට ආසන්න වී අස්වැන්නක් ලැබී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එයින් 2/3 ක ප්‍රමාණයක් සහල් තොග වශයෙන් පවතින බවත් එහෙයින් අධික ලෙස සහල් මිල ඉහළ නැංවිම හෝ සහල් සැපයුම අඩාල කිරීම නිරෝධායන කටයුතුවලට අවශ්‍ය සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව සියලු පාර්ශ්වයන්ට දන්වා සිටින බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එබැවින් ජනතාව යම් රෝග නිවාරණයකට ලක් කර ඔවුන්ගේ නිවෙස්වලටම භාණ්ඩ ලබාදීමේ කාර්ය භාරයේ නිරත මේ මොහොත් දැඩි අවධානයක් සහ ප්‍රමුඛතාවක් දී කටයුතු කරන ලෙස ලේකම්වරයා දැනුම් දෙයි.

ඔසු සල, ඖෂධ හල් (Pharmacy) බැංකු සේවා ද තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වාගෙන යනු ලැබේ

Related posts

අඩු මිලට 'පාට' පොල් අද සිට ජනතාවට

Shiran Viraj

දේශබන්දුට මං විරුද්ද වුනා..

Shiran Viraj

වසර 16කට ඊයේ හිරේ ගිය SM අදම ඇප ඉල්ලයි.. නිදොස් කර නිදහස් කරන්නැයි අභියාචනයක්…

Shiran Viraj
Translate »