32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
International NewsNews

අමෙරිකන් – ඉරාන ගැටුමෙන් බොර තෙල් මිලත් ඉහලට : අමෙරිකානුවන් ඉරාකය අත්හැර යයි

ලෝක වෙළදපලේ බොර තෙල් බැරලයක මිල සියයට 4.3 කින් අද (03) දිනයේදී ඉහල ගොස් තිබෙනවා. ඒ අමෙරිකාව සහ ඉරානය අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයත් සමගයි.

බ්‍රෙන්ට් ඉන්ධන තැරැව්කාර සමාගමේ මිල ගණන් අනුව ලෝක ඉන්ධන වෙළදපලේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69.08 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධානියෙක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ඉරාකයේ පිහිටි විදේශීය ඉන්ධන සමාගම්වල සේවයේ නියුතු අමෙරිකානු ජාතික සේවකයින් එරටින් ඉවත්ව යමින් සිටින බව වාර්තා වනවා.

ඉරාකයේ බහුලව ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන සමාගම් පිහිටි බස්රා හි පිහිටි විදෙස් සමාගම් වල සේවයේ නියුතු ඇමෙරිකන් ජාතිකයින් මෙලෙස රටින් පිටව යමින් සිටින බවයි රොයිටර් පුවත් සේවය සදහන් කලේ.

අමෙරිකානු සේවකයින්ගේ ඉවත්ව යාමෙන් බොර තෙල් නිෂ්පාදනයට බාධාවක් නොවන බවයි ඉරාක බලධාරින් සදහන් කරන්නේ.

ඕපෙක් සංවිධානයේ දත්ත අනුව දෛනිකව බොර තෙල් බැරල් මිලියන 4.62 ක් සපයන ලොව දෙවන විශාලතම සැපයුම්කරුවා වන්නේ ඉරාකයයි.

ඉරාකයේ වෙසෙන සියලුම අමෙරිකානු ජාතිකයින්ට වහාම ඉන් ඉවත්ව යන්නැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

බස් රථ සඳහා නීතියක් දැඩි වෙයි

Shiran Viraj

විජේදාස නැවතත් එජාපයට?

Shiran Viraj

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

Shiran Viraj
Translate »