mediahumanrights.lk
NewsPolitical

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

මාතර, කඩවැද්දූව ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදි හෙතෙම මේ බව පැවසිය.

“ආණ්ඩුව අපි පිහිටුවලා තිබුණට පාර්ලිමේන්තුවේ බලය අපිට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අණපනත් පාර්ලිමේන්තුවට ගෙන එන්න බැහැ.

ඊළඟ මැතිවරණයෙන් පස්සේ සජිත් මහත්තයට විපක්ෂනායකකමවත් රනිල් මහත්තයා දෙන්නෙ නැහැ . අවසානයේ ජාතික ලයිස්තුවෙන් එන්න හැඳුවොත් ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයත් අහිමි කරනවා.

දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සන්ධානගත වෙලා තරග කරනවාද නැද්ද කියලා විවිධ අදහස් පළවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද දාහතර ලක්ෂයක් තියෙනවා කියලා දයාසිරි ජයසේකර මහත්තයා කියනවා.

දාහතර ලක්ෂයක් ජන්ද තියෙන කියලා බලන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරන්න ඕන කැමති ලකුණකින් . අපි කැමතියි සන්ධාගතවෙලා මැතිවරණය කරන්න ඒක අපිට ගැටලුවක් නැහැ.

හැබැයි කොන්දේසි වලට අපි යටත් වෙන්න සුදානම් නැහැ. අපි අමාරුවෙන් මෙි ගමන ආවේ. අවුරුදු හතරහාමාරක් කැපවෙචිච මිනිස්සු ඉන්නවා ඒ අය ආරක්ෂා කරගන්න ඕන.”

(under the courtesy of lankacnews.com news web)

Related posts

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

ඉරාන විරෝධතා මර්දනයෙන් 2,000 ක් මියයයි – විරෝධතාකරුවන්ට ට්‍රම්ප්ගෙන් සෘජු සහයෝගයක්

Shiran Viraj

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Shiran Viraj
Translate »