mediahumanrights.lk
Local NewsNews

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ජාතික උණ රෝහලට ඇතුළත් කරන ලද චීන ජාතික කාන්තාව පූර්ණ ලෙස සුවය ලබා තිබේ.

මේ වන විට ඇයගේ ජීව සාම්පල අවසාන වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමුකර ඇත.

එහි ප්‍රතිඵලය ලද වහාම එම කාන්තාව රෝහලින් පිටත්කර හරින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

මේ අතර කාන්තාව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයකට පෙනී සිටිමින් සමාජ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම කාරුණික බවත් තමන් සුවපත් කලාට ස්තුති කරන බවත්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පොහොට්ටුව දිනුවට ආණ්ඩුවට බලපෑමක් නෑ..ඉදිරියට යන්න අතදෙන්න – විපක්ෂ නායක දෙමළ පක්ෂවලින් ඉල්ලයි

Shiran Viraj

මිරිහාන රැඳවුම් කඳවුරේ රැදී සිටි සිව් දෙනෙකු පළා යයි

Shiran Viraj

ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්

Shiran Viraj
Translate »