2026-09-14
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

අයි.සී.සී ලෝක කුසළාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු පහක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
කොළඹ එන්.සී.සී ක්‍රිඩාංගණයේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනූ  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ලබා දී ඇත.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 212ක් රැස් කළේය.
නහීඩා ඛාන් ලකුණු 64යි.
ජවේරියා ඛාන් ලකුණු 63යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ඉනෝකා රණවීර සහ චමරි පොල්ගම්පල කඩුලු 02 බැගින් දවා ගෙන ඇත.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 04කදී කඩුලු 05ක් දැවී ලකුණු 216ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේ ය.
ඊෂානි ලොකුසූරියගේ නොදැවී ලකුණු 65යි.
ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 45යි.

Related posts

මං කොළඹ නොවෙයි ඉන්නේ.. ඒත් චමුදිතගේ පීඩනය මං බෙදා ගන්නවා..- සජිත්

Shiran Viraj

ප‍්‍රදේශ රැසකින් ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දෙයි..

Shiran Viraj

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

Shiran Viraj
Translate »