mediahumanrights.lk
Local News News

බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවා

බුදු දහම පෝෂණය කිරීමේ සහ  සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම සම්බන්ධයෙන් සඳහන් කරුණු තව තවත් ශක්තිමත් කිරීමට ද පියවර ගන්නා බවය.
එය ලිඛිත කරුණු වලට පමණක් සීමා නොකොට බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා පවසයි.
කෑගල්ල, නාපේ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

Related posts

හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තු සභා ගැබ මැද සරම කඩන් වැටුනු පලමු මන්ත‍්‍රි ලෙස වාර්තා පොත් අතරට..

Shiran Viraj

කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයි

Shiran Viraj

ලාංකිකයින් 443ක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම ක්‍රියාත්මකයි

Shiran Viraj