30 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2007 වසරේ සිට මේ දක්වා සිදු කෙරුණු සිසේරියන් සැත්කම් 33,000 ක කරුණු මෙලෙස සොයා බලනු ඇති.

සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍යවරයා සහ එම සැත්කමින් පසු අදාළ මව්වරුන්ට දරුඵල හිමිවූවාද නැද්ද යන්න මෙමගින් සොයා බැලෙන බවයි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදුකළ සිසේරියන් සැත්කම් පිළිබඳ වෙනම තොරතුරු සොයා බැලීමක් සිදුකරන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. මේ වනවිට වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත පමණක් පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

Related posts

හකීම් ජනමත විචාරණයක් ඉල්ලයි

Shiran Viraj

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Shiran Viraj

විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…

Shiran Viraj
Translate »