mediahumanrights.lk
Local News News

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොරොන්දු විය.
ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වුණේ, අද නුවරඑළියේ පැවති උත්සවයක් අමතමිනි.
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පළමු ගම්මානය ලෙස නුවරඑළිය, ආගරපතන, හුට්විල්පුර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේ ය.
ලයිම් කාමර වෙනුවට වතු ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකළ මෙම ගම්මානය නිවාස 150කින් සමන්විත ය.
පර්චස් 07ක භූමියක වර්ග අඩි 550ක නිදන කාමර, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයක් ඇතුළු පහසුකම් සහිතව එහි නිවාස ඉදිකර තිබේ.

Related posts

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශ වහාම නිවැරදි කරන්න.. එ.ජා.පයෙන් ඉල්ලීමක්

Shiran Viraj