mediahumanrights.lk
Local NewsNews

SAITM අර්බුදය සාධාරණ ලෙස විසඳනවා – ජනපති

කිසිවෙකුට අසාධාරණයක් නොවන අයුරින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ගැටලුව විසඳන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොරොන්දු විය.
ජනාධිපතිවරයා මෙසේ පොරොන්දු වුණේ, අද නුවරඑළියේ පැවති උත්සවයක් අමතමිනි.
වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදිකළ පළමු ගම්මානය ලෙස නුවරඑළිය, ආගරපතන, හුට්විල්පුර අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළේ ය.
ලයිම් කාමර වෙනුවට වතු ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිකළ මෙම ගම්මානය නිවාස 150කින් සමන්විත ය.
පර්චස් 07ක භූමියක වර්ග අඩි 550ක නිදන කාමර, විසිත්ත කාමරයක්, මුලුතැන් ගෙයක් හා නාන කාමරයක් ඇතුළු පහසුකම් සහිතව එහි නිවාස ඉදිකර තිබේ.

Related posts

ඇදිරි නිතියේ අරුගම්බේ ගිය රාජිත පවුලම එක්ක නිරෝධායනයේ, රාජ්‍ය අනුහසින් නිරෝධායනය ලිහිල්වි අද කොළඔ

Shiran Viraj

දැඩි කොන්දේසි මත අවුරුදු උත්සවවලට අවසර හිමි වන ලකුණු

Shiran Viraj

ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයි

Shiran Viraj
Translate »